අයි ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට රිනවුන් කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම පරාජය කරමින්.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කළ තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී.
අවසන් මහා තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගැනීමට සෝන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා. දෙවැනි අර්ධයේදී තවත් ගෝල 3 ක් වාර්තා කළ රිනවුන් ක්‍රීඩකයින් අවසන් මහා තරගය ජය ගත්තේ ගෝල 4 ට 2 ක් ලෙසයි.
ඒ අනුව, ශූරතාව රිනවුන් කණ්ඩායමටත් අනු ශුරතාව සෝන්ඩර්ස් කණ්ඩායමටත් හිමි වුණා.
මාවනැල්ල යුනයිටඩ් සහ ග්‍රේට් ස්ටාර් කණ්ඩායම් අතර ලීග් වන් පාපන්දු ශූරතාවලියේ අවසන් තරගය පැවැත්වුණේ, කොළඹ තුරගතරග පිටියේදී.
එම තරගය ගෝල 3 ට 0 ක් ලෙස ජය ගැනීමට මාවනැල්ල යුනයිටඩ් කණ්ඩායම සමත් වුණා. පළමු අර්ධයේදී ඔවුන් පෙරමුණ ගත්තේ ගෝල 1 ට 0 ක් ලෙසයි.