කොළඹ හොකී සංගමයේ (CHA) නවසභාපතිවරයා ලෙස චරිත ඩී කරුණාරත්න මහතා තෝරාපත් කරගෙන ඇත. මේ තෝරා ගැනීම සිදු කළේ, කොළඹ බී ආර් සී ක්‍රීඩා සමාජයේ පැවති 70වන මහා සභා රැස්වීමේදී ය.
1955දී පිහිටුවා ඇති කොළඹ හොකී සංගමය (CHA) ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රධාන කාර්‍යබාර්‍යයක් ඉටුකර තිබේ.
Andriesz Shield, Pioneer Shield League,Pioneer Cup, The Bacon Cup වැනි ප්‍රධාන තරගාවලි රැසක් කොළඹ හොකී සංගමය සංවිධානය කරයි. දශක ගණනක් පුරාවට කොළඹ හොකී සංගමය දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහිකිරීමටත්, තරග රැසක් සංවිධානය කිරීමත්, බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වූ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප්නැංවීම සඳහා විශාල කාර්‍යබාර්‍යයක් ඉටුකරයි.
නව සභාපති ලෙස තෙරී පත්වූ කරුණාරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී සිසුවෙකි. එසේම දේශීය හොකී ප්‍රජාවන් හි ක්‍රියාශීලීව කටයුතු කළ අයෙකි.
ක්‍රීඩාව කෙරෙහි වූ ඔහුගේ මූලයන්, පාසල් හා සමාජ මට්ටමින් හොකී නඟා සිටුවීම සඳහා ඇති ආශාව සමඟ ඒකාබද්ධ වී ඇත. එමගින් ඔහුට ක්‍රීඩාවේ ඉදිරි අනාගතය ගැන දැක්ම පැහැදිළිය. නායකත්වය සහ ක්‍රීඩා උපදේශනය පිළිබඳ පසුබිමක් ඇති ඔහු, තාරුණ්‍යයේ සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහාය ලබාදීම සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ උපායමාර්ගික සහයෝගීතාවය කෙරෙහි නව අවධානයක් යොමු කිරීම අරමුණු කරයි.
අභිනවයෙන් තේරී පත් වූ කමිටුව:
President:
Charitha D. Karunarathna
Vice Presidents
Mithree Ranasinghe
Sandun Gajanayake
Tiwanka Wijerathna
Priyadharshan Giridaran
Secretary
Kithmal Perera
Assistant Secretary
Kavindu Niyomal
Treasurer
Haaziq Jaleel
Committee Appointments:
Tournament Committee
Rasika Ranaweera (Chair)
Kavindu Niyomal
M.J.M. Naushard
Umpires Committee
Selvaraja Dineshkaran (Chair)
Akalanka Ishan
Michael Fernando
Selection Committee
Sandun Gajanayake (Chair)
Tiwanka Wijerathna
Manuja Gunarathna
Development Committee
Surani Bandara (Chair)
Dammika Jayamanne
Shaqiq Jaleel
Finance Committee
M Ratnaharan (Chair)
Dilan Niroshana
Imesh Kaushalya
ඔහුගේ අදහස් දැක්වීමේදී, කරුණාරත්න මහතා සේවය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර සංගමය දීප්තිමත් අනාගතයක් කරා මෙහෙයවීම සඳහා සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළා.