මෙතෙක් ජාතික ඔලිම්පික් කමිටුව තුළ ඇති වී තිබෙන ගැටළු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවට සම්බන්ධ ක්‍රීඩා සංගම් 27ක ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා.
මේ සාකච්ඡාවේ අරමුණ ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ උප ලේකම් හා ජාතික පැසිපන්දු සම්මේලනයේ සභාපති චන්දන ලියනගේ මහතා සඳහන් කළේ ජාතික ඔලිම්පික් කමිටුව වර්තමානයේ මුහුණ දීම හා ඒ සඳහා බලපෑ හේතු පැහැදිළි කිරීම බවයි.
ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ 2018 වර්ෂයේ නිලවරණයෙන් බලයට පැමිණි සභාපති සුරේන් සුභ්‍රමානියම් මහතා පොරොන්දු වූ පරිදි ජාතික සංගම්වල ස්ථානයක් ලබානොදීම ප්‍රධානම ගැටලුවක් බවයි. එසේම 2023 ජූනි 14 වෙනිදා සභාපතිතුමා ව්‍යවස්ථාව වෙනස් කොට තුන්වන වරට බලය ලබාගැනීමට යෝජනා කිරීම ඇති වී ඇති අර්බුධයේ වස්තු බීජය බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.
ඉන්පසු ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමර් මහතා ප්‍රකාශ කළේ ඔලිම්පික් කමිටුවේ සභාපති හා ලේකම් අතර ඇති අර්බුධයට මැදිහත් වීම ප්‍රධාන සංගමයක් ලෙස පාපන්දු සම්මේලනයේ යුතුකමක් හා වගකීමක් බවයි. තව දුරටත් ඒ මහතා ප්‍රකාශ කළේ වත්මන් ඔලිම්පික් කමිටු සභාපති ව්‍යවස්ථාව නොසළකා හැර ඇති බවයි.
තව දුටරත් අදහස් දක්වමින්කියා සිටියේ වත්මන් සභාපතිවරයා ජාත්‍යයන්තර ඔලිම්පික් කමිටුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අශෝබිත චිත්‍රයක් ලබ දී ඇති බවට එතුමා චෝදනා කළේය.