වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති මීටර් 800(කාන්තා) තරගයෙන් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා.
කාන්තා මීටර් 800 තරගය ඇය 2.14.86කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
එසේම පිරිමි මීටර් 800 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක විසින් දිනාගත් අතර ඔහු මිනිත්තු 1.53.41කින් සිය ඉසව්ව අවසන් කිරීමට සමත් වුණා.