වසර 57 කට පසුව මෙරටදී ආසියානු බොක්සිං තරාගාවලියක් පැවැත්වෙනවා.
ආසියානු වයස අවුරුදු 22 න් පහළ යොවුන් බොක්සිං තරගාවලිය 12 වැනිදා සිට 23 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඊට සහභාගී වන බොක්සිං කණ්ඩායම් රැසක් මේ වන විටත්, දිවයිනට පැමිණ සිටිනවා. රටවල් 25 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික සංඛ්‍යාවක් තරගාවලියට එක්වනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීම විශේෂත්වයක්.
කාන්තා තරග බර පන්ති 12 කින් සහ පිරිමි තරග බර පන්ති 13 ක් යටතේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.