සෙනසුරාදා, නොවැ. 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ කඩුලු 9ක් බිඳවැටෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ජේ ශා නැවතත් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරයට නිතරගයෙන් පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය 9 වන වරටත් ඉන්දියාව දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයට ඉන්දියාව හා පාකිස්තානය සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    වසර 73ට පසුව නවසීලන්තය පරදා වේල්ස් කණ්ඩායම රග්බි තරගයක් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3ක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සම ශූරතාව ගම්පහ හා මහනුවර දිස්ත්‍රික්ක දිනා ගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සම ශූරතාව ගම්පහ හා මහනුවර දිස්ත්‍රික්ක දිනා ගනියි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 2, 2026
බෙදාගන්න

36 වැනි ජාතික යෞවන ක්‍රිඩා උළෙලේ සම ශූරතාවය ලකුණු 130 ක් ලබාගත් ගම්පහ දිස්ත්‍රික්කය සහ මහනුවර දිස්ත්‍රික්කය විසින් දිනාගනු ලැබූ අතර, තෙවන ස්ථානය ලකුණු 106 ක් ලබාගත් ගාල්ල දිස්ත්‍රික්කයට හිමිවිය.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම ක්‍රීඩා උළෙල ඔක්තෝම්බර් 30 දා සිට නොවැම්බර් 01 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළලේ නව පිහිනුම් තරග වාර්තා 21 ක් සහ නව තරඟ වාර්තා 09 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇත.

  1. අයි.ඒ්.අයි මිනෝලි ෆ්‍රනෑන්ඩෝ – උස පැනීම(කාන්තා) (ගම්පහ දිස්ත්‍රික්කය (මී.1.75)
  2. අයි.ඒස්.ඩබ් ආරච්චි – තුන් පිම්ම(කාන්තා) (හම්බන්තොට දිස්ත්‍රික්කය (මී. 13.03)
  3. ජී.ඒ්.ඒ් පන්සිළු ගිරිදර – මී 800 (ගම්පහ දිස්ත්‍රික්කය (තත්.1.52.63)
  4. අයි.ඒස්.ඩබ් ආරච්චි – දුර පැනීම(කාන්තා) (හම්බන්තොට දිස්ත්‍රික්කය (මි.6.14)
  5. ඒස්.කේ.ඩී කුමාර් – මී 200 (කෑගල්ල දිස්ත්‍රික්කය (තත්.21.49)
  6. පී.ඒම්.පී.ඒල් කොඩිකාර – මී 400 (කුරුණෑගල දිස්ත්‍රික්කය (තත්. 46.44)
  7. ඒම්.ඩී චතුරංග – මී 400 කඩුලු පැනීම (කෑගල්ල දිස්ත්‍රික්කය තත් 50.06)
  8. යූ.ඩී.වයි.ඩබ් කුමාර – තුන් පිම්ම (ගම්පහ දිස්ත්‍රික්කය මි.16.15)9. මී. 4 x 400 පිරිමි
    කෑගල්ල දිස්ත්‍රික්කය
    (වි. 3.13.61)
    පී.කේ.පී පතිරණ
    එම්.ඩී චතුරංග
    එස්.කේ.ඩී කුමාර්
    වයි.ඒ්.ඒ්.ආර් ජයවර්ධන

මෙම ක්‍රීඩා උළෙලේ සමස්ථ සම ශූරතාව දිනාගත් දිස්ත්‍රික්කයන්ට ශූරතා කුසලානය සමඟින් රු.200,000 බැගින් රු.400,000 ක් ද, තෙවන ස්ථානය දිනාගත් දිස්ත්‍රික්කය සඳහා රු.100,000 ක් ද දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනාට ලක්ෂ 10 බැගින් ලක්ෂ 20 ක් ද හිමිවිය.

36 වන ක්‍රීඩා උළලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් මීටර් 400 තරඟ ඉසව්වේ (තත්. 54.30) ක දක්ෂතාවයක් දක්වමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ්.ඩබ්.ජී.ජේ.ඒස්. විජේතුංග, දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් මීටර් 400 කඩුලු පැනීමේ තරඟ ඉසව්වේ (මී. 50.06)ක දක්ෂතාවයක් දක්වමින් නව තරඟ වාර්තාවක් බිහිකල කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒම්.ඩී චතුරංග විසින් දිනාගනු ලැබීය.

මෙහි සමාප්ති සමාචාර උළෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් .මනුවර්ණ, හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින්, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ගිහාන් ප්‍රියසාද්, නිලධාරීන් ඇතුලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ දිස්ත්‍රික් නියෝනජනය කරමින් පැමිණි තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

පෙර ලිපිය සෙනෙගල් හීදී ඇරඹුණු යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් පස් දෙනෙක්
Next Article කිමී ඇන්ටනෝලි ලාබාලතම ෆෝමියුලා 1 ලෝක ශූරයා බවට පත්වෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික ශූරතාවයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වීරයින් දිවයිනට පැමිණේ

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ රිදී පදක්කම ටාවි සමරවීර දිනාගනී

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

“Mission Olympic 2028:Journey to Rings” වැඩසටහන අද ආරම්භ කෙරුණා.

කියවීමට මිනිත්තු 2 යි
මළල ක්‍රීඩා

Youth Sports Fest 2025 පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනෙන් ආරම්භ කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?