49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් කාන්තා සහ පිරිමි ඉසව් දෙකෙහිම ජය හිමිකර ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත් වුණා.
ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් තරග අද උදේ ආරම්භ කෙරුණේ, හික්කඩුව ක්‍රිඩාංගණය අසලින්. දිවයිනේ පළාත් 9 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට එක්ව සිටියා. මැරතන් ධාවන තරගයේ දුර කිලෝමිටර් 45 ක්.
කාන්තා තරගය ජයගත් මධ්‍යම පළාත් ක්‍රීඩිකා ඩබ්ලිව්. එම්. හේරත් තරගය නිම කළේ පැය 2 යි මිනිත්තු 53 යි තත්පර 42 කින්. මධ්‍යම පළාතේම සී. එස්. හේරත් දෙවැනි ස්ථානය දිනාගත් අතර තෙවැනි ස්ථානයට පත් වූයේ ඌව පළාත නියෝජනය කළ නිමේෂා නිදර්ශනි ක්‍රීඩිකාවයි.
පිරිමි මැරතන් ධාවන තරගය ජයගත් මධ්‍යම පළාතේ කේ. ශන්මුගේෂ්වරන් තරගය නිම කළේ පැය 2 යි මිනිත්තු 24 යි තත්පර 43 ක කාලයක් වාර්තා කරමින්.
ඌව පළාත නියෝජනය කළ ඒ.සී. චන්දන එහි දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර, නැගෙනහිර පළාතෙන් සහභාගි වූ ටී. ඩබ්ලිව් රත්නපාල ක්‍රීඩකයා තුන්වැන්නා ලෙස තරගය නිම කළා.