සෙනසුරාදා, නොවැ. 15, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි
    කියවීමට මිනිත්තු 3 යි
    පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සචිත්‍ර සේනානායකට විරුද්ධව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
පුවත්

සචිත්‍ර සේනානායකට විරුද්ධව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි

By Pradeep Gurusinghe
Published: ජූනි 5, 2025
©Reuters
බෙදාගන්න

ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ, මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළා.

එමෙන්ම, තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරනවා.

2020 නොවැම්බර් 21 සහ 22 වැනිදා අතර කාල සීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියම් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් ක්‍රියාකර ඇති බවට චෝදනා එල්ල වී තිබුණා.

ඒ එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීමයි.

එමෙන්ම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ද ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබෙනවා.

ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්” already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම්දීම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවේ සඳහන්වනවා.

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා දූෂණ වෙනස්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව, අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරිනු ලැබුවා.

එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබෙනවා.

පෙර ලිපිය ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ 137වන ගෝලය වාර්තා කරයි
Next Article බෘෘනායි පරාජය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වෙයි
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

Australia vs Sri lanka
ක්‍රිකට්

ශ්‍රී ලංකාව තරඟ සංචාරයට සහභාගි වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
Dimuth's final innings
ක්‍රිකට්

දිමුත්ගේ ටෙස්ට් දිවිය නිමයි, ශ්‍රී ලංකාව ‌දෙවැනි තරගය ඉනිමක පරාජයෙන් බේරෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

චැම්පියන්ස් කුසලාන ශූරතාවය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තිසර පෙරේරාගෙන් එක් පන්දුවාරයකට පිට පිට හයේ පහර හයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?