ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරුවකු වන වික්‍රම් රාතෝර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස අනුයුක්ත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත.
ඔහුගේ සේවය එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් උපදේශක පදනමක් මත ලබාගෙන ඇත.
වික්‍රම් රාතෝර් ටෙස්ට් හා එක්දින තරග සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කොට ඇති අතර ඔහුගේ සේවය 2026 ජනවාරි 18 වනදා සිට මාර්තු 10 වනදා දක්වා ලබාගැනීමට තීරණය කොට ඇත.
ඔහු 2019 සැප්තම්බර් මස සිට 2024 ජුලි දක්වා ඉන්දීය කන්ඩායමේ තරග ආකෘති තුන සඳහාම පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කොට ඇත.
එසේම ඔහු මේ වන විට ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙසද සේවය කරයි.