ගුජරාට් ටයිටන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර පැවති තරග්‍යෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ගුහරාට් ටයිටන්ස් කණ්ඩායම අද සමත් වුණා.
මුලින්ම පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 8ට ලකුණු 164ක් ලබාගත්තා. ඊට පිලිතුරු වශයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 19 වන පන්දුවාරයේදී තවත් පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුලු 3ට ලකුණු 165ක් ලබාගෙන තරගය ජයගත්තා.
සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයේදී යම් සාර්ථකත්වයක් ලබාගත්තේ ඒඩ්න් මාක්‍රම් පමණයි. ඔහු ලකුණු 30ක් ලබාගත්තා. ඊට අමතරව වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සීමාව පසු කළේ නැහැ.
පන්දු යැවීමේදී ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 28ට කඩුලු 4ක් දවාගත් අතර අෂෝක් ශර්මා කඩුලු 2ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම වෙනුවෙන් ටයිටන්ස් කණ්ඩායමේ ජොස් බට්ලර් ලකුණු 60ක් හා නායක ශුබ්මන් ගිල් 56ක් ලබාගත්තා.
ටයිටන්ස් කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3 මොහොමඩ් ෂමී, ප්‍රින්ස් යාදව් හා දිග්වේශ් රාතී අතර බෙදී ගියා.
මේ ජයග්‍රහණයෙන් පසුව කණ්ඩායම් දෙකම තරග 2 බැගින් ජයගෙන ඇති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම 6 වන ස්ථානයේ රැඳී සිටිනවා.