බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියේ තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 481ක් ඉදිරියෙන් සිටිනවා.
දිනය ආරම්භ වන විට නවසීලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 32ක් ලබාසිටියා.
අද දිනයේ හා නවසීලන්ත දෙවනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩෙවෝන් කොන්වේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 84දී දැවී ගියා.
ඉන්පසු පිටියට පිවිසි නවසීලන්ත ප්‍රවීණ පිතිකරු කේන් විලියම්සන් හට සාර්ථකවීමට ඉඩනොදුන් කිමාර් රෝච් ලකුණු 9ක් ලබාසිටියදී ඔහුව දවාගැනීමට සමත් වුණා.
ඉන්පසු තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි රචින් රවීන්ද්‍ර හා ටොම් ලේතම් එක්ව ලකුණු 279ක සබඳතාවයක් ගොඩනැගුවා. ලේතම් 145ක් ලබාසිටියදී දැවී ගිය අතර රචින් රවීන්ද්‍ර ලකුණු 176ක් ලබාගත්තා.
ඒ අනුව දිනය අවසාන වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 417ක් ලබාගෙන සිටියා. එය කොදෙව් ඉනිමට වඩා ලකුණු 481ක ඉදිරියක්.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කිමාර් රෝච් හා ඔජයි ෂීල්ඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.
දිනය නිමාවන විට පිටියේ කඩුල්ලේ රැඳී සිටියේ විල් යංග් හා මයිකල් බ්‍රෙස්වෙල්.