දකුණු අප්‍රිකාව සමග පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
තුන්වැනි තරගය ඉන්දියාව ජය ගත්තේ කඩුලු 9 කින්.
තරගය පැවත්වුණේ විශාකාපට්නම් හිදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 47.5 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 27ක් රැස්කළා.
කුවින්ටන් ඩි කොක් ලකුණු 106යි.
පන්දු යැවීමෙදී ප්‍රශාද් ක්‍රිශ්නා සහ කුල්දීප් යාදේව් කඩුලු 4 බැගින් දවා ගත්‍තා.
පිලිතුරු ලෙස ඉන්දියාව තරගය ජය ගත්තේ පන්දුවාර 39.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 271 ක් රැස් කරමින්.
යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 116 යි.
රෝහිත් ශර්මා ලකුණු 75 ක් සහ විරාත් කෝලි නොදැවී ලකුණු 65 ක් රැස්කළා.