ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර ඊයෙ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබිමට ඉන්දියාව සමත් වුණා.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළා.
ඒ අනුව, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 128ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක චමරි අතපත්තු ලකුණු 31ක් ලබාගත් අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක් ලබාගත්තා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වෛශ්නවී ශර්මා හා ශ්‍රී චරණි කඩුලු 2 බැගින් ලබාගත්තා.
මෙම පහසු ඉලක්කය හඹා ගිය ඉන්දීය කාන්තා කණ්ඩායම 12 වන පන්දුවාරයේදී තරගයේ ජයග්‍රහණය ලබාගත්තා.
ශෆාලි වර්මා ලකුණු 69ක් ලබාගත් අතර ජෙමීමා රුද්‍රිගස් ලකුණු 26ක් ලබාගත්තා.
ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3 මල්කි මධාරා, කාව්‍යා කාවින්දි හා කවීෂා දිල්හාරි අතර බෙදී ගියා.
තරගයේ වීරයා ලෙස ශෆාලි වර්මා නම්කෙරුණා.
පළමු තරගයත් ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම, තරග 5කින් සමන්විත මෙම පන්දුවාර 20 තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගත්තා.