නැගී එන ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායම සමග අද පැවැති තරගය ලකුණු 24 කින් ජය ගැනීමට ශ්රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ කටාර්හිදී.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා ඒ කණ්ඩායම පන්දු වාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 284 ක් රැස් කළා.
ලසිත් කෲස්පුල්ලේ ලකුණු 75 ක් රැස් කළ අතර නිශාන් මදුශ්ක ලකුණු 64 යි.ජනිත් ලියනගේ ලකුණු 52 ක් ලබා ගත් අතර නායක පවන් රත්නායක ලකුණු 51 ක් රැස් කළා.
පිලිතුරු ලෙස හොංකොං කණ්ඩායම පන්දු වාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 260 ක් ලබා ගත්තා
බාබර් හයාට් ලකුණු 86 ක් රැස් කළ අතැ අන්ෂි රාත් ලකුණු 75 යි.
පන්දු යැවීමේදී දුලාජ් සමුදිත කඩුලු 3 ක් දවා ගත්තා.