එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ඓතිහාසික අළුබඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් හා පස්වන තරගය අද ආරම්භ වුණා. තරගයේ පළමු දින අයහපත් කාලගුණය නිසා පන්දුවාර 45ට සීමාවුණා.
මුලින් පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 211ක් ලබා සිටියා.
එංගලන්ත පළමු ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 57ක් ලබාසිටියදී දවාගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. ඉන්පසු පිටියට පිවිසි ජෝ රූට් හා හැරී බෲක් අතර සිව්වන කඩුල්ල සඳහා තරගය නතර කරන විට ලකුණු 154ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගා තිබුණා.
ජෝ රූට් නොදැවී ලකුණු 72ක් හා හැරී බෲක් නොදැවී ලකුණු 78ක් ලබාසිටිනවා. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක්, මයිකල් නෙසර් හා ස්කොට් බොලන්ඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
තරග 5කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය තරග 3-1ක් ලෙස ඕස්ට්‍රේලියාව මේ වන විටත් ජයගෙන තිබෙනවා.