සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් ජයගත්තා.
හරාරේහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175ක්.
බ්‍රයන් බෙනට් ලකුණු 81 යි.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමිර කඩුලු තුනක් දවා ගත්තා
ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසු කළා.
පැතුම් නිස්සංක ලකුණු 55 යි.
කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 41 ක් රැස්කලා.