සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඊයේ පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබාගත් ඉන්දියාව තරග 5කින් සමන්විත තරගාවලිය තරග2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 6ට ලකුණු 208ක් ලබාගත්තා.
මිචෙල් සැට්නර නොදැවී ලකුණු 47ක් ලබාගත් අතර රචීන් රවීන්ද්‍ර ලකුණු 44ක් ලබාගත්තා.
ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් කඩුලු 2ක් දවාගත් අතර හර්දික් පාන්ඩියා, හර්ෂිත් රානා, වරුන් චක්‍රවර්තී හා ශිවාම් ඩුබේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ලකුණු 209ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 15යි පන්දු 2දී කඩුලු 3ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වුණා.
සූර්‍යකුමාර් යාදව් පන්දු 37ට නොදැවී ලකුණු 82ක් ලබාගත් අතර ඉෂාන් කිෂාන් පන්දු 32ට ලකුණු 76ක් ලබාගත්තා.
නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි, ඉෂ් සෝදි හා ජේකබ් ඩෆී කඩුලු 1 බැගින් දවාගත්තා.
මෙම තරගය කඩුලු 7කින් ජයගත් ඉන්දියාව තවත් තරගයක් ඉතිරිව තිබියදී මෙම විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
තරගයේ වීරයා ලෙස ඉෂාන් කිෂාන් නම් කෙරුණා. දෙරට අතර තුන්වන විස්සයි විස්ස තරගය හෙට පැවැත්වීමට නියමිතයි.