2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවේදී තරග නොකිරීමේ ස්ථාවරයේ තව දුරටත් රැඳී සිටින බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙනවා
ඔවුන් මෙලෙස ඉන්දියාවේදී තරග කිරීම ප්‍රතික්ෂේප කලේ ආරක්ෂක හේතු මත බව පවසමින්.
මේ අතර එම තරග ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙසද ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියා.
මේ පිළිබඳව කරුණු විමසා බැලීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා.
තරගාවලියේ කාල සටහන දැනටමත් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් තම ස්ථාවරය පිළිබඳව සලකා බලන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එහිදී ඉල්ලා ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙන්නේ තම ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බවයි.