ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කල වයස අවුරුදු 17 න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුර කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් තරගයේදී කොළඹ දකුණ කණ්ඩායම පරාජය කරමින්.
අවසන් තරගය ඊයේ පැවත්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 36.5 කදී ලකුණු 164ක් රැස් කලා.
පිලිතුරු ලෙස කොළඹ දකුණ කණ්ඩායම සියලු ක්‍රීඩිකයින් දැවී රැස්කලේ ලකුණු 133 ක් පමණයි.
ඒ අනුව කොළඹ උතුර කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව තරගය් ජයගත්තේ ලකුණු 33කින්.