සිම්බාබ්වේ තරග සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා 20 – 20 සංචිතය නම් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුලත්. ඊට නවක ක්‍රීඩකයින් වන විෂේන් හැලඹගේ සහ කමිල් මිශාර ද එක්කර තිබීම විශේෂත්වයක්.
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නුවනිදු ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින තරගය හෙට පැවැත්වෙන අතර 20-20 තරගාවලිය සැප්තැම්බර් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
