අද දින පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුණා. ඒ අනුව දෙපිලට එක් ලකුණ බැගින් හිමිවුණා.
දිගින් දිගටම ඇදහැළුණු මද වර්ෂාව නිසා තරගය අත්හැර දැමීමට තරග තීරකවරයා තීරණය කල අතර එහි වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවුණා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රසාද ලකුණු මට්ටම 5 දක්වා ඉහල ගිය අතර ඔවුන් ලකුණු සටහනේ දෙවන ස්ථානයේ මේ වන විට රැදී සිටිනවා.
තුන් වන ස්ථානයේ රැදී සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම තරග 3ක් ක්‍රීඩා කොට ජයගත්තේ එක් තරගයක් පමනක් වන අතර, ඒ අනුව ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 2ක් පමණයි. ඕස්ට්‍රේලියාවට මීළඟට ඇති ඕමානය සමග තරගය ජයගත්තද හිමිවන්නේ ලකුණු 4ක් පමණයි.
ඒ අනුව බී කාණ්ඩයෙන් මීළඟ වටයට ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ සුදුසුකම් ලබන අතර සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය 19 වෙනිදා පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් එම තරගයේ ප්‍රථිපලය මෙම කණ්ඩායම් දෙකේ මීළඟ වටයට ප්‍රවේශවීමට බලපෑමක් නොකරයි.
ඒ කාණ්ඩයෙන් මේ වන විට ඉන්දියාවත්, බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේත්, සී කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්තයත්, ඩී කාණ්ඩයෙන් නවසීලන්තය හා දකුණු අප්‍රිකාවත් මේ වන විට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත.