ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධාන කරන 20/20 ලීග් ක්‍රිකට් තරගාවලියේ බ්ලූස් කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට ග්‍රීන්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟය පැවැත්වුණේ කොළඹ එස් එස් එස් සී ක්‍රීඩාංගනයේදී
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් රැස් කලා.
කමිදු මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කල අතර චාමික කරුණාරත්න නොදැවී ලකුණු 41 යි.
පන්දු යැවීමේදී අකිල ධනංජය සහ ඩිල්ශා මදුශංක කඩුලු 2 බැගින් දවා ගත්තා.
පිලිතුරු ලෙස බ්ලූස් කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කලේ ලකුණු 86ක් පමණයි.
දුශාන් හේමන්ත ලකුණු 18 කට කඩුලු 4ක් දවා ගත්‍තා.
තරගයෙන් ග්‍රීන්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 72 කින්.