සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: RIDE ශක්තිජනක පානය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා අත්වැල් බැඳගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

RIDE ශක්තිජනක පානය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා අත්වැල් බැඳගනී

By Pradeep Gurusinghe
Published: ජූනි 4, 2025
බෙදාගන්න

Cargills Food & Beverage Ltd සමාගමට අයත් සන්නාමයක් වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ශක්තිජනක පානය RIDE, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නිල ශක්තිජනක පාන සහකරු ලෙස පත් වූ බව ජුනි 04 වන දා කොළඹ, කිංග්ස්ටර් හෝටලයේ දී පැවති උත්සවයක දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් සමඟ ඇති කරගනු ලබන මෙම හවුල්කාරීත්වය, ලංකාවේ ප්‍රමුඛතම දේශීය ශක්තිජනක පාන සන්නාමය වශයෙන් RIDE තම ස්ථානය නැවත තහවුරු කරගැනීමක් වන අතර “Real Energy” යන නව මුහුණුවරකින් යුතු සන්නාම පොරොන්දුව යථාත් RIDE හි වර්ධනයේ වැදගත් ඉදිරි පියවරක් වේ.

ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රබල නාමයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇති කීර්තිය ගෝලීය වෙළෙඳපොළට අවතීර්ණවීමේ RIDE හි අනාගත අභිලාශයන්ට පිටිවහලක් සපයයි. එබැවින් මෙය හුදු අනුග්‍රාහකත්වකට එහා ගිය ශක්තිය, දක්ෂතාට සහ හැකියාවෙහි මනා සම්මිශ්‍රණයකි.

2020 දී හඳුන්වා දුන් RIDE, පසුගිය වසර 4 තුළ සුපිරි වෙළෙඳා අංශය, සාමාන්‍ය වෙළෙඳ අංශය මෙන්ම ආහාර සේවා අංශවල විශාල ප්‍රගතියක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති කරගත් මෙම හවුල්කාත්වය, RIDE ශක්තිජනක පානය නව මුහුණුවරකින් යුතුව එළිදැක්වීම හා සමගාමීව සිදු වේ. නව මුහුණුවරක් යටතේ එන RIDE, ශ්‍රී ලාංකීය ජනතාවට අමතර ශක්තියක් සපයමින් ඔවුන්ගේ එදිනෙදා ජීව්තයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දී, ජීවිතයේ උපර්ම තෘප්තිය විදගැනීමට අවැසි “Real Energy” බවට පත්වීමේ තම අරමුණ වෙනුවෙන් කැප වී සිටියි.

RIDE හි වත්මන් නිෂ්පාදන පෙළට RIDE ClassIc, RIDE Redberry, සහ RIDE Sugar-Free ඇතුළත් වන අතර, නවතම හඳුන්වාදීම වන RIDE Glow Apple මෙම කාණ්ඩයට නැවුම් රසයක් එක් කරයි. මෙම නට එළිදැක්වීමට සමගාමීව, දිනෙන් දින වර්ධනය වන පාර්භෝගික රුචිකත්වයන් හඳුනාගනිමින් RIDE යොදා ගනිමින් කොක්ටේල් වර්ග අත්හදා බැලීම සඳහා පාරිභෝගිකයන් උනන්දු කරවීමට ද සන්නාමය කටයුතු කරයි.
.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්, Cargills Food & Beverage Ltd කළමනාකාර අධ්‍යක්ෂ, අර්ජුන කුමාරසිංහ මහතා මෙසේ පැවසීය:

“ක්‍රිකට් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබෙනවා. එය අපේ දෛනික ජීවිතයේ කොටසක් වගේම රථ පුරා ජනතාව එකමුතු කරන්න ක්‍රිකට්වලට පුළුවන්. RIDE අපගේ අරමුණ සරලයි. ඔවුන් කවුරු වුනත්, කොතැන සිටියත්, මොන වේලාවක වුනත් අපි ශ්‍රී ලාංකිකයන්ට ශක්තිය ලබාදෙනවා ජයග්‍රහණයට ඇති ආශාව, ඔරොත්තු දීමේ හැකියාව සහ එකමුතුකම වර්ධනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අපගේ මෙම අරමුණ මනාව පිළිබිඹු කරනවා.”

“RIDE, අපගේ නිල ශක්තිජනක පාන සහකරු ලෙස පිළිගැනීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. මෙය අප ඉතා අගය කරන හවුල්කාරිත්වයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් සිදුකරන මේ සහයෝගීතාවය තුළින් කාගිල්ස් හට ඔවුන්ගේ ශක්තිජනක පාන සන්නාමය අපේක්ෂිත වෙළෙඳපොළ කරා ඔසවා තැබීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා,” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී, ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

මෙම වැඩසටහන වර්ණවත් කිරීමට එක්දින සහ T20 නායක චරිත් අසලංක, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, ක්‍රිකට් ලෝකයේ දැවන්ත චරිතයක් මෙන්ම ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූර්ය මහතා සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ඇතුළු ක්‍රිකට් හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ පුද්ගලයින් රැසක් ද සහභාගී විය.

පෙර ලිපිය තායිවාන් විවෘත මලලක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් අද පිටත් වෙයි
Next Article ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ 137වන ගෝලය වාර්තා කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ආනන්දය ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන 20-20 තරගයේදී එංගලන්තය ලකුණු 300 ඉක්මවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය නිමා වෙද්දී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?