ආසියානු කුසලාන වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.
ඕමානයේදී පැවැත්වෙන තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව අටක්.
මූලික වටේ දී ඔවුන් ඒ හා බී ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් එහිදී බී කාණ්ඩයෙන් තරග වදිනවා.
එම කාණ්ඩයට ඇතුළත් සෙසු රටවල් වන්නේ මැලේසියාව,බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානයයි.
ඉන්දියාව,පාකිස්ථානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බී කාණ්ඩයට ඇතුලත්.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය හෙට පැවැත්වීමට නියමිතයි.
එය උදැසන 10.30 ට ආරම්භ වනවා.