අඟහරුවාදා, ජන. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා වැඩ භාර ගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා වැඩ භාර ගනී

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 1, 2025
බෙදාගන්න

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂ වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද ( 23 ) දින ජාතික යොවුන් සේනාංකයේ දී සිය තනතුරේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහභාගී විය.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ලෙසද, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපතිවරයා වශයෙන් සහ ජාතික තරුණ සේවා සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කර ඇත.

වැඩභාර ගැනීමෙන් අනතුරුව නිලධාරීන් ඇමතූ අධ්‍යක්ෂකවරයා පැවසුවේ, නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව, තරුණ තරුණියන් බල ගැන්වීම සඳහා වත්මන් රජය සමඟ අත්වැල් බැඳගන්නා බවත්, ජාතික යොවුන් සේනාංකයේ සියලුම නිලධාරීන් සමඟ දේශපාලන භේදයන්ගෙන් තොරව එක්ව සාමූහිකව කටයුතු කරන බවත් ය.

මෙම අවස්ථාවට එක් වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ද අදහස් දැක්වූ අතර එහිදී, වර්තමාන තරුණ තරුණියන් හුදෙකලාවට පත් වී ඇති බවත්, fake සබඳතාවයන්ට වර්තමාන තාරුණ්‍ය නැඹුරු වී සිටින බවත්, ඔවුන් ඉන් මුදවා ගනිමින් මානව සමාජය තුළ ආදරය, සමාජ ප්‍රේමය සහිත දියුණු තාරුණ්‍යක් නිර්මාණය කිරීම තුළ සංවර්ධිත රටක් නිර්මාණය කිරීමෙහි ලා බලපාන බවත් සඳහන් කළේය.

වර්තමාන තාරුණ්‍ය දේශපාලනයෙන් ඈත් වීම සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ අමාත්‍යවරයා, ඉදිරියේ දී තරුණ තරුණියන් දේශපාලනයට මැදිහත් කරගැනීම වෙනුවෙන් Political Academy ගොඩනැගීමට බලාපොරොත්තු වන බව පැවසුවේය.

සමාජ සංවර්ධනයට, මානව වර්ගයාගේ ප්‍රගමනයට හේතු වන නිර්ණායක අනුව කටයුතු කිරීමේ වැදගත්කමත්, පෞද්ගලික හිතවත්කම් මත කිසිඳු තනතුරු ලබා දීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මානව සමාජයේ ජීවත් වන තරුණයා, අනෙකා ගැන සංවේදී වන, ආදරය,දයාව සහිත තරුණයෙක් සහ මානව සමාජය ජයග්‍රහණය කරා ගෙන යා හැකි තරුණයෙක් නිර්මාණය කරගැනීම සියලුම දෙනාට පැවරෙන වගකීමක් බවත්, එය නිර්ණායකයක් ලෙස ගෙන ඉදිරියේ දී වැඩ කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන් හමුවෙහි වැඩිදුරටත් පවසන ලදී.

පෙර ලිපිය Gamini Wickramapala ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කෙරේ
Next Article Women's cricket කාන්තා ක්‍රිකට් වර්ධනය, අභියෝග හා අනාගතය
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී තවත් රන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආර්යා සබලෙන්කා සහ කොකො ගවුෆ් ප්‍රංශ විවෘත ටෙනිස් අවසන් තරගයට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නදීශා රාමනායක ලෝක ශූරතාවයට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

3 x 3 බාස්කට්බෝල් තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජයගනියි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?