ශ්‍රී ලංකාවේ මැදි දුර ධාවන ශූරිය වන නිමාලි ලියනාආරච්චි මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන 23 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා ශුරතාවලියේදී දෙවන රන් පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් වුණා.
ඒ වයස අවුරුදු 35-40 වයස් කාණ්ඩයේ මීටර 1500 තරගයේ ජය වාර්තා කරමින්.
ඇය මෙම ශූරතාවලියේ ආරම්භක දිනයේදී මීටර 800 ඉසව්වේ රන් පදක්කමද දිනාගත්තා.
ඊට අමතරව ඇය හෙට දිනයේදී මීටර 100×4 හා මීටර 400×4 සහාය ධාවන ඉසව් වලටද සහභාගි වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දකුණු ආසියානු, ආසියානු මට්ටමේ ජයග්‍රහණ ලබා ඇති නිමාලි 2020 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැති ඔලිම්පික් උළෙලේ මීටර 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් වුණා.
තරග ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ නිමාලි පවසා සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියටද ජාත්‍යන්තර තරග වලට ක්‍රීඩා කිරීමට අපේක්ෂාවක් ඇති බවයි.