සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 19, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka ) දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි. මේ ඔස්සේ හොකී ලෝලීන්ට ඉදිරි නොවැම්බර් මාසය පුරා නැවුම් උද්වේගකර අත්දැකීම් රාශියක් විඳගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, BRC, CH, CR, Old Senanayakians Sports Club (DS), Royal College Hockey Club ඇතුළු ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ප්‍රභල කණ්ඩායම් 9ක් එක්වනු ඇත. ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතුව Nextgen Hockey Development Society මෙම PHL 2025 තරගාවලිය සංවිධාන කරනු ලබයි.

PHL පළමු අදියරේදී, ඉන්දියාව සහ පකිස්ථානයේ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුළු ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට සහභාගී වූ අතර, මේ වසරේදී ද PHL තරගාවලිය සඳහා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් රාශියකගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ. ඔවුන්ගේ විවිධ ක්‍රීඩා කුසලතාවන් මෙන්ම ගෝලීය ක්‍රීඩා අත්දැකීම් සහ පළපුරුද්ද සමඟින් ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව තුළ තිබෙන තරගකාරීත්වය තවදුරටත් ඉහළ නංවමින්,ආශ්වාදජනක තරඟකාරී අත්දැකීමක් දිවයින පුරා සිටින හොකී රසිකයන්ට තිළිණ කරනු ඇත.

මෙම තරගාවලිය කොළඹ සහ මාතලේ යන නගර ද්විත්වයේදීම පැවැත්වෙන අතර, මෙමඟින් නගර සහ ගම්බද ප්‍රදේශවල හොකී රසිකයන් අතර ක්‍රීඩාව පිළිබඳ ඇති කැමැත්ත හා අවධානය වඩාත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිරියට අන්තර්ජාතික මට්ටමින් තරග කිරීමට හැකි ක්‍රීඩකයන් බිහිකිරීම හා පුහුණු කිරීම සඳහා ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් පරිපූර්ණ නව කණ්ඩායමක් හඳුන්වා දීමට ද මෙවර සැලසුම් කර තිබේ.

PHL තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් ආයෝජකයන්, මෙරට මාධ්‍ය, හිටපු ක්‍රීඩකයන් සහ හොකී ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් දක්වන ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබුණු දායකත්වය පිළිබඳ සංවිධායකයන් සිය ගෞරව ප්‍රණාමය පුද කළහ.

Nextgen Hockey Development Society හි සභාපති කමල් පුෂ්පකුමාර මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.” ප්‍රිමියර් හොකී ලීග් තරඟාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ උසස් මට්ටම ප්‍රදර්ශනය කරනවා පමණක් නොව, එය අනාගත ක්‍රීඩා පරපුර වෙනුවෙන් මාර්ගය සකස් කිරීමට ඉවහල් වන කදිම වේදිකාවක්. මේ වසරේදී තරගාවලියට සහභාගී වන කණ්ඩායම් ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවා තිබෙන අතර ගෝලීය මට්ටමේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් මෙන්න අඛණ්ඩව අප වෙත සහයෝගය ලබාදෙන සියලු පාර්ශවකරුවන්ගේ විශිෂ්ටත්වය සමඟින් ආශ්වාදජනක තරග අත්දැකීමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වෙනවා.”

PHL 2025 තරගාවලිය ඔස්සේ ක්‍රීඩාවේ කාර්යශූර භාවය, විවෘතභාවය, සහ ක්‍රීඩා ආචාරධර්ම ප්‍රවර්ධනය කරමින් , ක්‍රීඩකයන් සහ රසිකයන් වෙත අමතක නොවන අත්දැකීමක් පිරිනැමීමට බලාපොරොත්තු වේ.

පෙර ලිපිය 2025 ආසියානු කුසලානය සඳහා පාකිස්තානු සංචිතය නම් කරයි
Next Article ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට එකතු වෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

10 වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතීත්වය සඳහා 7 දෙනෙකු තරග කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

තායිවාන් විවෘත මලලක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් අද පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

තරුෂි අභිෂේකා ලංකාවට රන් පදක්කමක් දිනා දෙයි

කියවීමට මිනිත්තු 0 යි
Sports Ministry
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ

කියවීමට මිනිත්තු 4 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?