ඉන්දියාවේ පැවති ලෝක මහද්වීපික ක්‍රීඩා තරගාවලියකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට රුමේෂ් තරංග සමත් වුණා.
එහිදී සිය පළමු විසිකිරීමේ අවස්ථාවෙන්ම මීටර් 86.50ක දක්ෂතාවයක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව යළිත් අලුත් කලා.
මේ අනුව රුමේෂ් ජපානයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
රුමේෂ් පෙන්නුම් කළ දක්ෂතාවය මෙම වසරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙහි වාර්තා වූ හත්වන හොඳම දුර ප්‍රමාණය ලෙසයි සටහන් වන්නේ.
මෙම තරගයේදී මීටර් 80.65ක දක්ෂතාවයක් පෙන්නුම් කළ සුමේධ රණසිංහ එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වුණා.
සුමේධ සහ රුමේෂ් යන ක්‍රීඩකයන් දෙදෙනාම මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවන් මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.
මෙම තරගාවලියේ මීටර් 100 ඉසව්ව වෙනුවන් ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර චමෝද් යෝධසිංහ සහභාගී වුණා.
මූලික වටයේදී සිව්වන ස්ථානය දිනා ගනිමින් අවසන් තරගයට පිවිසි චමෝද් මීටර් 100 ඉසව්වෙහි රිදී පදක්කම දිනාගැනීමට සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී තත්පර 10.43ක කාලයක් වාර්තා කරමින්.
මෙම තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව වෙනුවන් ශ්‍රී ලංකා ජාතික ශූරිය වන නදීෂා දිල්හානි ලේකම්ගේ සහභාගී වුණා.
එහිදී ඇය මීටර් 54.96ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කමක් හිමි කර ගත්තා.
එම තරගාවලියේ මීටර් 400 සහය දිවීමේ ඉසව්ව වෙනුවන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සහභාගී වුණා.
ඉන්දීය ක්‍රීඩකයන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් තරගයේ අවසන් මොහොතේදී රන් පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකා සහය කණ්ඩායම සමත් වුණේ මිනිත්තු 3 තත්පර 8.22ක කාලයක් වාර්තා කරමින්.
සදෙව් රාජකරුණා, ඔමෙල් සචින්ත, මිනෝල් ඉනේෂ් සහ කල්හාර ඉදූප ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලා.