ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන දිනා ගැනීමට අශාන් සිල්වා සමත් වුණා.
දක්ෂතම යතුරුපැදි ධාවකයා ජාක්ස් ගුණවර්ධනයි. අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී තරගාවලිය අද පැවැත්වුණා.
ඒ, දක්ෂතම යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් රැසකගේ සහභාගිත්වයෙන්. ඊට ඇතුළත් වූ තරග ඉසව් සංඛ්‍යාව 24 ක්.
මෝටර් රථ අංශයේ ප්‍රධානතම තරග ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. 3500 CC තරගයේ ජය හිමි කර ගැනීමට සමත් වූයේ අශාන් සිල්වායි.
එහි දෙවැනි ස්ථාන මනීෂ් ගුණතිලකටත්, තෙවැනි ස්ථානය ඉෂ්රාක් වහාබ්ටත් හිමි වුණා.
ජාක්ස් ගුණවර්ධන යතුරුපැදි අංශයේ ප්‍රධානතම තරග ඉසව්වේ ජය වාර්තා කළා. එහි දෙවැනි ස්ථානය ඩී.එම්.ඩී.කල්හාරට හිමිවූ අතර, තුන්වැන්නා තාරුක රමේෂ්.