2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ලබා දෙන මුදල් ත්‍යාග පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙවර සහභාගී වන කණ්ඩායම් සඳහා වෙන් කර ඇති සමස්ථ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 13.88 ක් බවයි.
ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 4.48 ක් ජයග්‍රාහී කණ්ඩායමට හිමි වන බවයි වාර්තා වන්නේ.
අනුශූරතාවය හිමි කර ගන්නා කණ්ඩායමට ලබා දෙන මුදල ලෙස දක්වා තිබෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 2.24 ක්.
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් සඳහා ලබා දෙන ත්‍යාග මුදල අමෙරිකා ඩොලර් මිලියන 1.12 ක් ලෙස දක්වා තිබෙනවා.
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන 30 වැනිදා ඉන්දියාවේ ගුවහාටිහිදි ආරම්භ වීමට නියමිතයි.