ශ්‍රී ලංකා කණ්ඩාය හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ රාවල්පිණ්ඩි හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට පාකිස්තානය සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 288ක් ලබාගත්තා. ශ්‍රී ලංකා කන්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම ඉනිමට හොඳ ආරම්භයක් ලබාගත්තද දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ඒ කිසිවෙකු සමත් වුණේ නැහැ.
මැදපෙල පිතිකරුවන් වන ජනිත් ලියනගේ ලකුණු 54ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් හාරිස් රාවුෆ් හා අබ්‍රාර් අහමඩ් කඩුලු 3 බැගින් ලබාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබාගත් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් යුගලය 10 වන පන්දුවාරය වන විට ලකුණු 77ක සබඳතාවයක් ගොඩනැගුවා.
ඉන් අනතුරුව පිටියට පිවිසි පාකිස්තානු සුපිරි පිතිකරු බාබර් අසාම් නොදවී ලකුණු 102ක් ලබාගෙන තරගය ජයග්‍රහණයෙන් අවසන් කළා. මොහිමඩ් රිස්වාන් නොදැවී ලකුණු 51යි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඊයේ දිනයේ දුර්වලතාවයක් පෙන්නුම් කල අතර ඔවුන් අතින් පහසු උඩපන්දු 3ක් ගිලිහී ගියා. පාකිස්තානු කණ්ඩායමේ දැවී ගිය කඩුලු 2 දවාගැනීමට සමත්වුණේ දුශ්මන්ත චමීරයි.
මේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය ජයගත්තා. තුන්වන තරගය 16 වෙනිදා.