ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගීවන විස්සයි 20 තුන්කොන් තරගාවලිය අද පස්වරු 6.30ට රාවල්පිණ්ඩි හීදී ආරම්භවීමට නියමිතයි.
පළමු තරගය පාකිස්තානය හා සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එලඹෙන 20වැනිදා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත අසලංක හා අසිත ප්‍රනාන්දු ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාව බලා නැවත් ගෙන්වා ගත් අතර විස්සයි 20 සංචිතයට පවන් රත්නායක ඇතුලත් කොට තිබේ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ දසුන් ශානක වන අතර පාකිස්තානු නායකත්වය සල්මන් අලී අගා හා සිම්බාබ්වේ නයකත්වය සිකන්දර් රාසා දරණු ඇත.
මෙම තරගාවලියේ සජීවි විකාශය Sporty lk Youtube නාලිකාව ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැක.