ඩුබායි හීදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම් දෙක දිනා ගනු ලැබුවේ දිල්මිණී උදුම්බරා ගමගේ ක්‍රිඩිකාවයි.
මෙහිදී වයස අවුරුදු 17න් පහළ F40 කාණ්ඩයෙන් තරඟ වැදුණු දිල්මිණී ක්‍රීඩිකාව කවපෙත්ත විසිකිරීම හා යගුලිය දැමීම ඉසව් දෙක සඳහාම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
මේ අතර වයස අවුරුදු 17 න් පහළ T47 කාණ්ඩය යටතේ තරග වැදුණු සෙනුවර සන්දිලු මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
ඊට අමතරව, වයස අවුරුදු 20 න් පහළ T47 කාණ්ඩය යටතේ තරග වැදුණු මොහොමඩ් ඉෂාම් යූනුස් මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.