ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා එංගලන්ත කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණියා. දෙරට අතර තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
අද උදෑසන පැමිණි එංගලන්ත කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටුනායක බණ්ඩාරනාය ගුවන්තොටුපලට පැමිණ සිටියා.
මෙහිදී ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් වැඩසටහනක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයක්.
දෙරට අතර ක්‍රිකට් තරගාවලියට එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් ඇතුළත්. එක්දින තරග ලබන 22, 24 සහ 27 යන දිනවලදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
20-20 තරග පැවැත්වෙන්නේ ජනවාරි මස 30 වැනිදා, පෙබරවාරි මස පළමු වැනිදා සහ 03 වැනිදායි. එම තරග පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.