බංග්ලාදේශය සහ නෙදර්ලන්තය, 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.
ඒ, ලෝක කුසලානය සඳහා පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ලකුණු සටහනට අනුවයි.
මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය නේපාලයේදී පැවැත්වෙනවා.
ඉන් කණ්ඩායම් 4ක් එලැඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට තෝරා ගැනීමට නියමිතයි.
තරගාවලියේ නවතම ලකුණු සටහනට අනුව මෙතෙක් සහභාගී වූ තරග 3ම ජය ගත් බංග්ලාදේශ සහ නෙදර්ලන්ත කණ්ඩායම්වලට 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
තවත් කණ්ඩායම් 2ක් ඉදිරියේදී ඒ සඳහා සුදුසුකම් ලබනු ඇති.
2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන් ජූනි 12 වැනිදා ආරම්භ වීමට නියමිතයි.