බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර ඊයේ දින පැවති තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබූ දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 8ට ලකුණු 176ක් ලබාගත්තා.
කොදෙව් කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 83ට දැවී ගිය අතර ඉන්පසු පිටියට පිවිසි ජේසන් හෝල්ඩර් සමග රොමාරියෝ ෂෙපර්ඩ් අටවන කඩුල්ලට වාර්තාගත ලකුණු 89ක සබඳතාවයක් ගොඩනැගුවා.
රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 52ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 49ක් ලබාගත්තා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලෞන්ගි න්ගිඩි කඩුලු 3ක්, කගීසෝ රබාඩා කඩුලු 2ක් හා කොබින් බොස්ච් කඩුලු 2ක් දවාගත්තා.
දකුණු අප්‍රිකාව පන්දුවාර 16.1 දී එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.
ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 82ක්, ක්වින්ටන් ඩිකොක් ලකුණු 47ක් හා රයන් රිකල්ටන් නොදැවී ලකුණු 45ක් ලබාගත්තා.
මේ ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාව අවසන් පූර්ව අටයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත් වුණා.
තරගයේ වීරයා ඒඩ්න් මාක්‍රම්.