6 වැනි ආසියානු වෙරළ ක්රීඩා උළෙලේ දුර පැනීම පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්රී ලංකාවේ ජයත්ර සම්පත් අද සමත්වුණා.
ශ්රි ලංකාව මෙවර ක්රීඩා උළෙලේදී හිමිකරගත් තුන්වැනි පදක්කම මෙයයි. තරගාවලිය චීනයේ සනායා හිදී පැවැත්වෙනවා.
ජයත්ර සම්පත් දුර පැනීමේ ඉසව්වේදී දැක්වූ දක්ෂතාව මීටර 7 යි දශම 3 යි 7ක්. මෙම ඉසව්වේ රන් පදක්කම වියට්නාමයටත්, රිදී පදක්කම චීනයටත් හිමිවුණා.
ක්රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ද්විත්වයම හිමිවුනේ ශ්රී ලංකාවට.