ඉන්දීය ප්රීමියර් ලීග් විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 04 ට සුදුසුකම් ලැබීමට සන්රයිසස් හයිඩ්රාබාද් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 05 කින් ජයගනිමින්.
තරගය පැවැත්වුනේ චෙන්නයි හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 07 ක් දැවී ලකුණු 180 ක් රැස්කළා.
ඩෙවල්ඩ් බ්රේවිස් ලකුණු 44 ක් ලබාගත් අතර, කාර්තික් ශර්මා ලකුණු 32 යි. පන්දු යැවීමේ පැට් කමින්ස් කඩුලු 03 ක් දවාගත්තා.
එෂාන් මාලිංග ලකුණු 26 කට එක් කඩුල්ලක් දයා ගත්තා. පිළිතුරු ලෙස සන්රයිසස් හයිඩ්රාබාද් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19 කදී කඩුලු 05 ක් දැවී ලකුණු 181 ක් රැස් කරමින්.
ඉෂාන් කිෂන් පන්දු 47 කදී ලකුණු 70 ක් ලබාගත්තා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 07 ක් සහ හයේ පහර 03 ක් ඇතුළත්. හෙන්රිච් ක්ලාසන් ලකුණු 47 යි.
පන්දු යැවීමේදී මුකේෂ් චවුද්රි කඩුලු 2 ක් දවාගත්තා. තරගයෙන් සන්රයිසස් හයිඩ්රාබාද් කණ්ඩායම ජයගත්තේ කඩුලු 05 කින්.