පාපන්දු ලෝක කුසලානයේ අවසන් 32 වටයේ දෙවන තරගය ඊයේ බ්රසීලය හා ජපානය අතර පැවැත්වුණා. එම තරගය ගෝල 2-1ක් ලෙස ජයගැනීමට බ්රසීලය සමත් වුණා.
තරගයේ පළමු ගෝලය 29 වන විනාඩියේදී ලබාගැනීමට ජපානය වෙනුවෙන් කයිෂු සානෝ සමත් වුණා.
තරගයේ 56 වන මිනිත්තුවේදී බ්රසීලය වෙනුවෙන් කසෙමිරෝ ගෝලයක් ලබාගෙන ජපානය හා සමවුණා.
ඉන්පසු තියුණු තරගයක් දෙරට අතර ක්රියාත්මක වූ අතර තරගයේ විනාඩි 90න් පසු ලබාදුන් අමතර විනාඩි 5 අවසානවීමට ඔන්න මෙන්න තිබියදී බ්රසීලය වෙනුවෙන් ජයග්රාහී ගෝලය ලබාගැනීමට ගාබ්රියෙල් මාර්ටිනලි සමත් වුණා.
ඒ අනුව ජපානයේ ලබන්නට තිබූ ඓතිහාසික ජය උදුරා ගනිමින් බ්රසීලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.