ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 05 ක් දැවී ලකුණු 338 ක් රැස්‍කරගෙන සිටියා. තරගය පැවැත්වෙන්නේ ඇන්ටිගුවා හිදී.
කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ නිශාන් මධුෂ්ක සහ ලහිරු උදාර. පළමු කඩුල්ල ලෙස මධුෂ්ක ලකුණු 06 කට දැවී ගියා. දිනේෂ් චන්දිමාල් එක් ලකුණයි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකල ලහිරු උදාර තම ටෙස්ට් දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත්වුනා.
ශ්‍රී ලංකා ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස කමිදු මෙන්ඩිස් ලකුණු 84 කට දැවීගියා. ලහිරු උදාර ලකුණු 188 යි. ඔහු දැවීගියේ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස. ඊයේ දිනය නිමාවන විට කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනූෂ නොදැවී කඩුල්ලේ රැදීසිටියා.