කාන්තා ආසියානු කුසලාන ශූරතාවයේ තුන්වන තරගය ඉන්දියාව හා තායිලන්තය අතර ඊයේ දින පැවැත්වුණා. එම තරගය ලකුණු 94කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායමයි. ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 159ක් ලබාගත්තා.
ඉන්දියාව වෙනුවෙන් ෂෆාලි වර්මා අර්ධ ශතකයක් ලබාගනිමින් ලකුණු 64ක් ලබාගත්තා.
තායිලන්තය වෙනුවෙන් සුලීපෝර්න් ලඕමි කඩුලු 3ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ සියලු කඩ්ලු දැවී ලකුණු 65ක් පමණයි.
ඉන්දියාව වෙනුවෙන් නන්දනී ශර්මා හා දීප්ති ශර්මා කඩුලු 3 බැගින් දවාගත් අතර ශ්‍රී චරනි කඩුලු 2ක් දවාගත්තා.
ඒ අනුව ඉන්දියාව මුහුණ දුන් පළමු තරගයෙන්ම ලකුණු 94ක විශිෂ්ට ජයක් ලැබීමට ඔවුන් සමත් වුණා.