සෙනසුරාදා, සැප්. 12, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඟ පන්දු යවන්නන්ගේ ගැටුමක්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගය
    කියවීමට මිනිත්තු 3 යි
    ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දඟ පන්දු යවන්නන්ගේ ගැටුමක්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දඟ පන්දු යවන්නන්ගේ ගැටුමක්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගය

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 12, 2026
බෙදාගන්න

කාන්තා T20 ආසියානු කුසලාන අවසාන මහා තරගය සඳහා මේ වන විට ඉන්දියාව හා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇත. මෙම කණ්ඩායම් දෙකේම දක්ෂ තාපන්දු යවන්නන් සිටින නිසා, මෙය දඟ පන්දුයවන්නන්ගේ ගැටුමක් බවට පත් වීමට නියමිතයි.

දීප්ති ශර්මා මෙහෙයවන ඉන්දියානු දඟපන්දු බලඇණිය තරගාවලිය පුරා කඩුලු 26 ක් ලබාගෙන ඇති අතර, එය කණ්ඩායමක් ලබාගත් වැඩිම කඩුලු ගණනයි. දෙවැනි තැන සිටින ශ්‍රී ලංකාව කඩුලු 25 ක් ලබාගෙන ඇත. එම නිසා මෙම අවසාන තරගය දඟපන්දු යවන්නියන් අතර විශාල තරගයක් වන බව පැහැදිලිය.

ඉන්දීය කණ්ඩායම පැත්තෙන් බලන විට ඔවුන් සෑම අංශයකින්ම ප්‍රබල මට්ටමක සිටිති. ස්මෘති මන්දනා සහ ෂෆාලි වර්මා වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබේ.

ඩුබායි හි වේගය අඩු තණ තීරුවල පිතිකරණයෙන් ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවට ලොකු සටනක් දීමට සිදු විය. පාකිස්ථානයට එරෙහි අවසාන පූර්ව තරගයේදී ලකුණු 33 කට කඩුලු 4 ක් දැවී තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනගා තරගය ජයග්‍රහණය කරා ගෙන ගියේ හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරිය. ඊට පෙර බංග්ලාදේශයට එරෙහි තරගයේදී ලකුණු 44 කට කඩුලු 5 ක් දැවී ගිය අතර, එහිදීද හර්ෂිතාගේ සන්සුන් ඉනිම නිසා අවසාන පූර්ව වටයේ ඉඩ වෙන් කර ගැනීමට හැකි විය. ලීග් වටයේ ඉන්දුනීසියාවට එරෙහිවද ලකුණු 45 කට කඩුලු 5 ක් දැවී තිබියදී නිලක්ෂිකා සිල්වා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය තරමක් අස්ථාවර බවක් පෙන්නුම් කරන අතර චමරි අතපත්තු ඉනිම 4 කදී ලබාගෙන ඇත්තේ ලකුණු 63 ක් පමණි. ඉමේෂා දුලානි ඉනිම 4 කදී ලකුණු 64 ක් ලබාගෙන සිටීම කණ්ඩායමට ගැටලුවකි. එසේම වේගපන්දු යවන නන්දනි ශර්මා හොඳින් පන්දු යවන නිසා, ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය මෙතෙක් මුහුණ දුන් කණ්ඩායම්වලට වඩා අභියෝගාත්මක විය හැකිය.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවේ මෑත කාලීන වාර්තා දෙස බැලීමේදී ඉන්දියාව පෙරමුණේ සිටී. 2025 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැති T20 තරග 5 ම ඉන්දියාව ජයග්‍රහණය කළ අතර, අවසන් T20 තරග 10 න් තරග 9 ක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.

නමුත් එම තරග රටාව ඇතුළත ශ්‍රී ලංකාව ලබාගත් එකම ජයග්‍රහණය හිමිවූයේ වඩාත්ම වැදගත් තරගයේදීය. ඒ 2024 දඹුල්ලේ පැවැති ආසියානු කුසලාන අවසාන තරගයේදී ලකුණු 166 ක ඉලක්කයක් කඩුලු 2 ක් පමණක් දැවී ලබාගනිමින් කුසලානය දිනා ගැනීමයි.

එම නිසා ශ්‍රී ලංකාවට අභියෝගයක් මෙන්ම ලොකු බලාපොරොත්තුවක්ද ඇත. නන්දනිගේ වේගපන්දු යැවීමට සහ දීප්ති, ශ්‍රී චරණි, ප්‍රේමා රාවට් යන ඉන්දීය දඟපන්දු ත්‍රිත්වයට සාර්ථකව මුහුණ දෙමින්, මැදපෙළ පිතිකාරිනියන්ට පමණක් බර නොතබා හොඳ ලකුණු සබඳතා ගොඩනැගීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනියන්ට සිදු වේ.

ඉන්දීය කණ්ඩායම හොඳ සමබරතාවයකින් සහ දක්ෂතාවලින් පසුවන අතර, වත්මන් ශූරියන් වන ශ්‍රී ලංකාව අවසාන තරගයකදී ඕනෑම දෙයක් වෙනස් විය හැකි බව හොඳින්ම දනී. පිතිකරණයේ දුර්වලතා තිබුණද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙකම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් සියලුම තරග ජයගෙන තිබීමද විශේෂත්වයකි.

පෙර ලිපිය ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

Kusal Mendis
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 98ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka vs New Zealand
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?