ශ්‍රී ලංකා පාසල් බාස්කට්බෝල් සංගමය මගින් සංවිධානය කරන ලද 2026 වයස අවුරුදු 13න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් තරගාවලියේ A කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ 13න් පහළ බාස්කට්බෝල් කණ්ඩායම සමත්ව ඇත.
2026 අගෝස්තු 25 සිට සැප්තැම්බර් 08 දක්වා පැවැති මෙම තරගාවලියේදී HFC ක්‍රීඩිකාවෝ තරගාවලිය පුරාම අසමසම දක්ෂතා දක්වමින් සියලුම තරග අපරාජිතව ජයගැනීමට සමත් වූහ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම ලකුණු 28 ට 18 ක් ලෙස පරාජය කරමින් ඔවුහු මෙම කුසලාන හිමිකර ගත්හ.
මෙම තරගයේ අවසානය තෙක් එම කණ්ඩායම පැමිණි ආකාරය
- අගෝස්තු 25 (පළමු වටය): HFC සහ මහාමායා විද්‍යාලය — 35 : 05
- අගෝස්තු 26 (පළමු වටය): HFC සහ කුලරත්න විද්‍යාලය — 32 : 03
- අගෝස්තු 27 (පළමු වටය): HFC සහ නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලය — 33 : 05
- අගෝස්තු 28 (අර්ධ අවසන් පූර්ව): HFC සහ කුලරත්න විද්‍යාලය — 37 : 09
- සැප්තැම්බර් 08 (අවසන් මහා තරගය): HFC සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල — 28 : 18
- ජයග්‍රාහී HFC කණ්ඩායම
නායිකා – එලියානා නාගසේන
උප නායිකාව – ඉවානා මොරිස්
ක්‍රීඩිකාවෝ: ෂෙමායා රූපසිංහ, එනෝෂි මල්දෙනිය, ටීෂා ප්‍රේමදාස්, නිකොලි සිල්වා, කියෝමි ඩැනියෙල්, එමි ප්‍රේමදාස්, අමේලියා හපුආරච්චි, අයානා හිටිහාමි, විහාරා සෙනරත්න.
- ප්‍රධාන පූජ්‍යතුමිය සහ භාරකාර මණ්ඩලය: ගරු චරිතා තණ්ඩලේග මව්තුමිය (විදුහල්පතිනිය), උත්පලී ප්‍රේමචන්ද්‍ර මිය (බාස්කට්බෝල් භාර ආචාර්ය).
- ප්‍රධාන පුහුණුකරුවන්: ෂේන් ඩැනියෙල් මහතා, රන්දිම සූරියආරච්චි මහතා සහ චමත් ගිම්හාන මහතා.
වඩාත්ම වටිනා ක්‍රීඩිකාව – ඉවානා මොරිස්
හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව – රනුලි ලිවන්සා
තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩිකාවන් – ඉවානා මොරිස්, ඒමි ප්‍රේමදාස්, අයානා හිටිහාමි, රනුලි ලිවන්සා.