2026 ආසියානු ක්රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසකම් ලබා ගැනීමට ශ්රී ලංකාවේ අයෝමාල් අකලංක අද සමත් වුණා.
ඒ මුලික වටයේ පළමු තරගයේදී තුන්වැනි ස්ථානයට පත්වෙමින්.
ඔහු තත්පර 49යි දශම 7යි 8කින් තරගය අවසන් කළා.
ක්රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.
ජපානයේ ”අයිචි – නගෝයා” හිදී ආසියානු ක්රීඩා උළෙල පැවැත්වෙනවා.