ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව හිමි කර ගැනීමට චනිත්මා සිනලි සමත් වුණා. එහි පිරිමි ශූරතාව හිමි කර ගත්තේ රවිඳු ලක්සිරි විසින්.
මෙම තරගාවලිය පැවති 18 වැනි අවස්ථාව මෙයයි. රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්රීඩාංගණයේදී පැවති තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවන් 287 දෙනෙකු සහභාගි වුණා.
කාන්තා කේවල අවසන් තරගය පැවැත්වුණේ, චනිත්මා සිනලි සහ රන්ලියා වුඩ් අතරයි. ඉන් වට 3 ට 0 ක් ලෙස ජය හිමි කර ගැනීමට චනිත්මා සිනලි සමත් වුණා. ඇය මෙම ශූරතාව හිමිකරගත් තුන්වැනි අවස්ථාව මෙයයි.
පිරිමි අවසන් මහ තරගය පැවැත්වුණේ, රවිඳු ලක්සිරි සහ ෂමීල් වකීල් අතරයි. ඉන් වට 3 ට 0 ක් ලෙස ජය හිමි කර ගත්තේ රවිදු ලක්සිරි. ඔහු ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය ජයගත් 9 වැනි අවස්ථාව මෙයයි.