2026 වසරේ F 1 මෝටර් රථ ලෝක ශූරතාව හිමි කර ගැනීමට ඉතාලි ජාතික කිමි ඇන්ටනේලි සමත් වුණා. ඒ, එම ශූරතාව දිනූ ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වෙමින්.
2026 වසරේ F 1 මෝටර් රථ තරග සමය ඊයේ අවසන් වුණා. ඒ, මෙක්සිකානු F 1 ගෝන්ප්‍රී මෝටර් රථ තරගාවලියෙන්. එහිදී කිමි ඇන්ටනේලි තරගය අවසන් කළේ, තුන්වැන්නා ලෙසයි. එම අදියරේ පළමු ස්ථානය මැක්ස් වෙස්ටපන්ට හිමිවූ අතර, දෙවැනි ස්ථානය හිමි වූයේ ලෙවිස් හැමිල්ටන්ට. එහෙත්, මෙවර තරග සමය අවසන් වන විට මෝටර් රථ ධාවකයින්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ පසුවූ කිමී ඇන්ටනේලිට ශූරතාව හිමි වුණා. ඔහු ලකුණු 380 ක් හිමි කරගත්තා.
තවමත් 20 වැනි වියේ පසුවන කිමි ඇන්ටනේලි F 1 මෝටර් රථ ලෝක ශූරතාවක් හිමිකරගත් ලාබාලතම ක්‍රීඩකයායි. මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ සෙබස්තියන් වෙටල්ට. ඔහු 2010 වසරේදී එම වාර්තාව තමන් සතු කර ගත්තේ, 23 වියේදී.