ශ්රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද රාවල්පිණ්ඩි හීදී නිමා වුණා. තරගය නිමා වුණේ ජයපැරදුමෙන් තොරවයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබාගෙන ඉනිම අත්හිටවූවා.
පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් සවුද් ශකීල් ලකුණු 93ක්, තය්යබ් අරීෆ් ලකුණු 57ක්, අර්ෆත් මින්හාස් ලකුණු 52ක්, මොහොමඩ් තාහා ලකුණු 51ක් හා බාබර් අසාම් ලකුණු 50ක් ලබාගත්තා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන්සිත ප්රනාන්දු හා දිල්ශාන් මධුසංක කඩුලු 3 බැගින් දවාගත් අතර ලහිරු කුමාර, මිලාන් රත්නායක හා සොනාල් දිනූශ එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 446ක් රැස් කළා. එහිදී ධනංජය සිල්වා ලකුණු167ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 119ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 58ක් හා ලහිරු උදාර ලකුණු 42ක් ලබාගත්තා.
පාකිස්තානය වෙනුවෙන් සිය පළමු ටෙස්ට් තරගයට ක්රීඩා කළ සකීබ් කාන් කඩුලු 7ක් දවාගැනීමට සමත් වූ අතර මොහොමඩ් අබ්බාස් කඩුලු 2ක් හා රසාවුල්ලා එක් කඩුල්ලක් දවාගත්තා.
ලකුණු 12ක ඉදිරියක් සමගින් සිය දෙවනි ඉනිම ආරම්භ කළ පාකිස්තානු කණ්ඩායම අද දින තරගය නිමා වන විට කඩුලු 8ක් දැවී ලකුණු 284ක් ලබා සිටියා. එම ඉනිමේදී සවුද් ශකීල් නැවතත් ශතකය පෙනි පෙනී ලකුණු 97ට දැවී ගියා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 3ක් ලබාගත් අතර අසිත ප්රනාන්දු හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් දවාගත්තා. ධනංජය සිල්වාට එක කඩුල්ලයි.
ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම ක්රීඩා නොකළ අතර තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ වීරයා සම්මානය ලෙස සවුද් ශකීල් හට හිමිවුණා.
මීලඟ තරගය රාවල්පිණ්ඩි හීදී මෙම මස 17වන දා ආරම්භවීමට නියමිතයි.