සෙනගාලයේ ඩකාර් නුවර පැවති 04 වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 1,500 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් ළහිරු අචිත්ත අද (14) උදෑසන දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ දිනාගත් පළමු රිදී පදක්කම මෙය වීම විශේෂත්වයක්.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2022 වසරේ සිට 2026 දක්වා කල් දැමුණු මෙවර යොවුන් ඔලිම්පික් තරගාවලිය, ඉකුත් ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 13 දක්වා පැවැත්වුණා.
රටවල් 205 ක සහ සරණාගත කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,655 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා ඉසව් 25 ක් යටතේ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණා.
දිවයිනට පැමිණි ළහිරු අචිත්ත පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ඔහුගේ මව ඇතුළු පවුලේ සාමාජිකයින්, රත්නපුර කුමර විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරු භවතුන්, වත්මන් සහ ආදි සිසුන් මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.