ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ පළමු එක්දින තරගය අද පර්ත් හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ ඉනිමට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පන්දුවාර 26කට සීමා වුණා.
ඉන්දීය ඉනිමේ 17වන පන්දුවාරයේදී තරගය පන්දුවාර 26ට සීමා කිරීම නිසා ඉන්දියාවට ලබාගත හැකිවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 136ක් පමණයි.
මේ තරගයට ඉන්දීය ප්‍රවීණ පිතිකරුවන් වන රෝහිත් ශර්මා හා විරාත් කෝලි ක්‍රීඩා කළ ද ඔවුන්ට සාර්ථක වීමට හැකි වුණේ නැහැ. කේ. එල්. රාහුල් ලකුණු 38ක් හා අක්සාර් පටෙල් ලකුණු 31ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් හේස්ල්වුඩ්, මිචෙල් ඔවෙන් හා මැතිව් කුනමන් කඩුලු 2 බැගින් දවාගත්තා.
ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 26ට ලබාගත් යුතුව තිබුණේ ලකුණු 131ක් පමණයි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිකෙල් මාෂ් නොදැවී ලකුණු 46ක් හා ජොෂ් ෆිලිප් ලකුණු 37ක් ලබාගනිමින් තරගය පන්දුවාර 21.1න් තරගය නිමා කළා.
ඒ අනුව කඩුලු 7කින් මෙම තරගය ජයගත් සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත්තා.