සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්‍ට්‍රේලියානු කණ්ඩායම අතර එක්දින තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත් වුණා. ඒ තරගය කඩුලු 9කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
මුලින් පන්දුවට පහරදුන් ඕස්‍ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 236ක් පමණයි. මැට් රේන්ෂෝ ලකුණු 56ක් ලබාගත් අතර මිචෙල් මාෂ් ලකුණු 41ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී හර්ෂිත් රනා කඩුලු 4ක් දවාගත් අතර වොෂිංටන් සුන්දර් කඩුලු 2ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී 39වන පන්දුවාරයේදී ජයග්‍රහණය ලබාගත්තා.
රෝහිත් ශර්මා සිය 33වන එක්දින ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 122ක් ලබාගත් අතර විරාත් කෝලි නොදැවී ලකුණු 74ක් ලබාගත්තා.
දැවී ගිය ක්‍රීඩකයා ශුබ්මන් ගිල් ලකුණු 24ක් ලබාගත්තා.
ඒ අනුව මේ තරගයෙන් ඉන්දීය කන්ඩායම ජයගරහණය කළත් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කලේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.
තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ රෝහිත් ශර්මා.